මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්රික්ක පහක ප්රාදේශිය ලේකම් කොට්ඨාස 13 කට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇත.
ඒ අනුව බදුල්ල දිස්ත්රික්කයේ හල්දුම්මුල්ල සහ හපුතලේ, මහනුවර දිස්ත්රික්කයේ යටිනුවර සහ උඩුනුවර, කෑගල්ල දිස්ත්රික්කයේ මාවනැල්ල, දෙහිඕවිට, ගලිගමුව, වරකාපොළ, කෑගල්ල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස වේ.
තවද කුරුණෑගල දිස්ත්රික්කයේ මාවතගම සහ රත්නපුර දිස්ත්රික්කයේ ඉඹුල්පේ, රත්නපුර සහ බලංගොඩ යන ප්රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.