ෆොන්සේකා ජයගනී.. සජිත් ඇතුළු පිරිසකට අධිකරණයෙන් නියෝග.!

සමගි ජන බලවේග පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ පක්ෂ සාමාජිකත්වය, දරන තනතුරු අත්හිටුවීම සහ විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය දින 14ක් බලපැවැත්වෙන පරිදි වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

සමගි ජන බලවේග පක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා වෙත සරත් ෆොන්සේකා ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

අසාධාරණ ලෙස විනය ක්‍රියාමාර්ග ගැනීම, තනතුරු අත්හිටුවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පක්ෂ සාමාජිකත්වය සහ සමගි ජන බලවේගය තුළ දරන තනතුරු අත්හිටුවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අධිකරණයෙන් ඉල්ලා තිබුණේය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close