ගෝලාන් කඳුකරයේ පිහිටා ඇති පාපන්දු පිටියකට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් දරුවන් සහ තරුණයින් 12 දෙනෙකු පමණ මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මෙම මිසයිල ප්‍රහාරය ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලා සංවිධානය විසින් එල්ලකර ඇති බවට ඊශ්‍රායලය චෝදනා කරන අතර එම ප්‍රහාරයට දරුණු ප්‍රතිචාරයක් දක්වන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සදහන් කරයි.
කෙසේ වෙතත් මේ හේතුවෙන් ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර යුද්ධයක් ඇතිවීමේ හැකියාව පවතින බව ජාත්‍යන්තර විචාරකයින් සදහන් කරයි.