ප්‍රථම වරට විදෙස්ගත වන කාන්තාවන්ට ලබා දෙන පුහුණු පාඨමාලාවේ කාලය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පියවර ගෙන තිබේ.
දින 15ක පුහුණු පාඨමාලාව එළඹෙන පෙබරවාරි 01 දින සිට NVQ 3 මට්ටම ද සහිතව දින 28ක් දක්වා දීර්ඝ කර ඇති බවත් දින 25ක් න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව ලබාදෙන අතර, දින 3ක් ජාතික වෘත්තිය සුදුසුකම ඇගයීමේ කටයුතු සඳහා වෙන්කර ඇති බවද එම කාර්යාංශය සඳහන් කරයි.
තවද 2023 වසරේ අප්‍රේල් 01 වනදා සිට ගෘහපාලන සහායිකා තනතුර සඳහා විදේශ ගතවන කාන්තාවන් කාර්යාංශ පුහුණුව සමග වෘත්තිය මට්ටමේ ඉහළ වටිනාකමකින් යුතුව NVQ 3 සහතිකය සහිතව විදේශ රැකියා සඳහා කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමට ඉදිරිපත් විය යුතු වේ.