හිටපු ඇමතිගේ වීසා ජාවාරම හෙළිවෙයි.!

හිටපු අමාත්‍යවරයා නීත්‍යානුකූල නොවන ලෙස E-8 වීසා ගිවිසුම අත්සන් කළ ගිවිසුමක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ සදහන් කරයි.

සභාපති කෝශල වික්‍රමසිංහ සදහන් කළේ,

“E-8 යන වීසා ක්‍රමවේදය පිළිබඳව මේ වනවිට සමාජයේ කතිකාවතක් ඇතිවෙලා තිබෙනවා. උදාහරණයක් විදිහට මාස 5ක කාලයක් සදහා පමණයි මේ වීසා ලැබෙන්නේ. මේ තත්ත්වය හේතුවෙන් ගැටලු ගොඩක් ඇතිවෙන්න පුළුවන් නිසා කිසිදු රජයක් මේ සම්බන්ධයෙන් ගිවිසුම්වලට එළඹිලා නෑ.

ඒ වගේම තමයි ලංකාවේ කිසිදු පෞද්ගලික ඒජන්සියකට ශ්‍රමිකයින් මේ වීසා ක්‍රමය යටතේ කොරියාවට යවන්න හෝ මුදල් එකතු කරන්න අවසර දීලා නෑ. මෙරට හිටපු අමාත්‍යවරයෙක් තම පුද්ගලික අභිමාතාර්ථ අනුව ඒ රටට ගිහින් වන්දෝ කියන පළාතේ ආණ්ඩුකාරවරයාත් සමග ගිවිසුමක් ගහනවා.

මේකට එවකට කැබිනට් අනුමැතිය හෝ වෙනත් කිසිදු අනුමැතියක් අරන් නෑ. අනුමැතියක් නොමැතිව මේ වගේ පුද්ගලික මැදිහත්වීමක් කළාට පස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කිසිදු වගකීමක් ගන්න බෑ. ඇත්තටම වෙලා තියෙන්නේ නීත්‍යානුකූල නොවන ගිවිසුමකට එළඹිලා.

දකුණු කොරියානු රජයට මේ ගැන ආරංචි වෙලා අපි සමග සාකච්ඡා කළා. මේ ක්‍රමයට ශ්‍රමිකයින් ගෙන්න ගන්න එපා කියලා. කොරියානු රජයේ යම් ප්‍රමිතියක් තියෙනවා E-9 වීසා යටතේ. මේ වසර අවසාන වෙනකොට 7,000කට අධික ප්‍රමාණයක යවන්න පුළුවන් කියලා හිතෙනවා.

ඒ කණ්ඩායම යන්නේ වසර 4යි මාස 10ක කාලයකට. ඒක නිසා නීත්‍යානුකූල ක්‍රමවේදයට ලැබුණු රැකියා, විශාල ආදායමක් ලබාගත හැකි රැකියා නැති කරගන්න අපි කිසිසේත්ම සූදානම් නෑ. අපි රැකියා ලාභීන්ගෙන් ඉල්ලා සිටින්නේ E-8 යන වීසා ක්‍රමවේදය යටතේ දකුණු කොරියාවට යන්න මුදල් දෙන්න එපා.”

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.