හිටපු ජනාධිපතිවරු වෙනුවෙන් පොලීසිය දරන පිරිවැය මිලියන 1100ක්.. සියලු තොරතුරු මෙන්න.!

මෙරට හිටපු ජනාධිපතිවරුන්ගේ මුලික නඩත්තු වියදම් සදහා වාර්ෂිකව පොලිසිය විසින් දරන පිරිවැය රුපියල් අනූ තුන් කෝටි, තිස් ලක්ෂ තිස් පන් දහස් නවසිය හැට හයක් (93,30,35,966) බව හිටපු ජනාධිපති ආරක්ෂ කොට්ඨාස විසින් වාර්තා කර ඇත.

හිටපු ජනාධිපතිවරුන්ගේ මූලික ආරක්ෂක වියදම්වලට නිලධාරීන් වෙනුවෙන් දරන විදුලි, ජල, ප්‍රවාහන සහ නවාතැන් අතුළු වෙනත් වියදම් ද එකතු වන විට එම මුදල රුපියල් කෝටි 110ක් දක්වා ඉහළ යන බව හිටපු ජනාධිපති ආරක්ෂ කොට්ඨාස විසින් වාර්තා කර ඇත.

රනිල් වික්‍රමසිංහ,

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් පසු පොලිසිය වාර්ෂිකව වැඩිම තක්සේරුගත වැයක් දරන්නට නියමිතව ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ වෙනුවෙනි. ඔහුට ජීප් රථ දෙකක් සහ ඩීසල් ලීටර 510ක් වෙන් කර ඇත.

මාසික ඉන්ධන පිරිවැය එක් ලක්ෂ හතලිස් හතර දහස් තුන්සිය තිහකි. පොලිස් නිලධාරීන් 151ක් ඔහු වෙනුවෙන් සේවයේ යොදවා ඇත. රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පොලිසිය වැයකිරීමට තක්සේරු කරන වාර්ෂික පිරිවැය රුපියල් විසි පන් කෝටි, තිස් තුන් ලක්ෂ, අනූ පන් දහස්, දෙසීය හතලිස් නවයකි.

මහින්ද රාජපක්ෂ,

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරක්ෂා කිරීම සදහා ජීප් රථ 05ක්, යතුරුපැදි 04ක්, ත්‍රීවිල් රථ 02ක්, බස් රථ 02ක්, කාර් රථ 01ක්, වෑන් රථ 01ක්, ඩබල් කැබ් 03ක් ඇතුළු රජයේ වාහන 18ක් වෙන්කර ඇත. ඔහු වෙනුවෙන් මාසිකව ඩීසල් ලීටර 1770ක්, සහ පෙට්‍රල් ලීටර 829ක්, සුපිරි ඩීසල් ලීටර 200ක් වෙන් කර ඇත.

මහින්ද රාජපක්ෂට මාසිකව ගෙවනු ලබන ඉන්ධන බිල අට ලක්ෂ විසි දෙදහස් පන්සිය විසි නවයකි. ඔහු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 187ක් සේවයේ යොදවා ඇත. පොලිසිය වාර්ෂිකව දරන ආරක්ෂක පිරිවැය රුපියල් තිස් දෙකෝටි හැට පන් ලක්ෂ අසූ දෙදහස්, අටසිය 19යි ශත අනු දෙකකි.

මෛත්‍රීපාල සිරිසේන,

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 113ක්, ජිප් රථ 04ක්, යතුරුපැදි 06ක්, ත්‍රීවිල් රථයක් සහ බස් එකක් ලෙස වාහන 12කි. ඔහු වෙනුවෙන් ඩීසල් ලීටර 2000ක්, පෙට්‍රල් ලීටර 500ක්, සුපරි ඩීසල් ලීටර 250ක් ලෙස ඉන්ධන සදහා මාසිකව රුපියල් අට ලක්ෂ එක් දහස් දෙසීය පනහකි.

මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පොලිසිය වාර්ෂිකව දරන වැය බර දහ අට කෝටි පනස් එක් ලක්ෂ හැට හය දහස් පන්සිය තිස් පහකි.

ගෝඨාභය රාජපක්ෂ,

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ජිප් රථයක්, යතුරුපැදි දෙකක් අතුළු වාහන 03ක් ද ඩීසල් ලීටර 400ක් සහ පෙට්‍රල් ලීටර දෙසීයක් වෙනුවෙන් මාසිකව රුපියල් එක් ලක්ෂ අසූ තුන් දහස් එකසිය හැත්තෑ පහක මිලක් දරයි.

පොලිස් නිලධාරීන් 22ක් ඔහුගේ ආරක්ෂාවට යොදවා ඇත. මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පොලිසිය වාර්ෂිකව තුන් කෝටි අනූ එක් ලක්ෂ හතලිස් එක් දහස් හාරසිය අසූ අටක් වියදම් කරයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක,

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙනුවෙන් ජීප් රථ දෙකක්, යතුරුපැදි 05ක්, කාර් රථයක් සහිතව සමස්ථ වාහන 08ක් වෙන් කර ඇත. ඊට අමතරව මාසිකව ඩීසල් ලීටර 500ක්, පෙට්‍රල් ලීටර 495ක් වෙනුවෙන් මාසිකව රුපියල් දෙලක්ෂ අනූ පන් දහස්, හාරසිය හතලිස් පහක පිරිවැයක් දරයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙනුවෙන් පොලිස් නිලධාරීන් 57ක් සේවයේ යොදවා ඇත. පොලිසිය වාර්ෂිකව දරන ආරක්ෂක පිරිවැය නව කෝටි අසූ අට ලක්ෂ හැත්තෑ එක් දහස් අටසිය හැට හයයි ශත තිස් හතරකි.

හේමා ප්‍රේමදාස,

මියගිය ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිද වන හේමා ප්‍රේමදාස වෙනුවෙන් ජීප් රථයක් සහ යතුරුපැදියක් සමග වාහන 2ක් ලබාදී ඇත. පෙට්‍රල් ලීටර 37ක් සහ ඩීසල් ලීටර 225ක් ලෙස ඉන්ධන වෙනුවෙන් මාසිකව රුපියල් අසූ තුන් දහස් හයසිය හැත්තෑ දෙකක් පෙලීසිය විසින් වියදම් කරයි.

හේමා ප්‍රේමදාසගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 17කි. ඇය නඩත්තු කිරීම සදහා පොලිසිය වාර්ෂිකව දෙකෝටි අනූ අට ලක්ෂ හැත්තෑ අට දහස් අටක මුදලක් වියදම් කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.