බ්‍රසීල ජනාධිපති මැදුර, ශ්‍රේෂ්ඨාධිකරණය සහ පාර්ලිමේන්තුවට කඩා වැදි හිටපු ජනාධිපති යාර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් ගොඩනැගිලි වල තිබූ මිල කළ නොහැකි කලා නිර්මාණ විනාශ කර ඇති බව බ්‍රසීල මාධ්‍ය වාර්තා කරයි.
එම ගොඩනැගිලි වල තිබූ කාර්යාල විනාශ කර ඇති බවත් ගොඩනැගිලිවලට කඩා වැදි ආධාරකරුවන් 1500 ක් පමණ ප්‍රශ්න කිරීමට රැඳවුම් භාරයට ගෙන ඇති බවද බ්‍රසීල මාධ්‍ය වාර්තා කරයි.
එම ගොඩනැගිලි වල තිබු නූතන ගෘහ නිර්මාණ ශිල්පයේ නිධාන ලෙස සැලකෙන බවත් කඩා වැදි පිරිස් කළ හානිය මිල කළ නොහැකි බවත් බ්‍රසීල බලධාරීන් පෙන්වා දී ඇත.
ආධාරකරුවන් හානි කර ඇති කලා නිර්මාණ අතර එක් නිර්මාණයක් ඩොලර් මිලියන 1.5 ක වටිනාකමකින් යුක්ත වන බව බ්‍රසීල බලධාරීන් ප්‍රකාශ කර ඇත.
බ්‍රසීල පාර්ලිමේන්තුවට කඩ වැදීම ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් සියල්ලටම දැඩි දඬුවම් පමුණුවන බවත් බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා පවසා ඇත.
මේ අතර අමෙරිකාවට ගිය බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සොනාරෝ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රසීල හිටපු ජනාධිපතිවරයා මෙසේ රෝහල්ගත කෙරුණේ ඔහුගේ උදරාබාධ තත්ත්වය උත්සන්න වීමෙන් යැයි වෛද්‍යවරු සදහන් කරයි.ජනාධිපති ධුරය හොබවද්දී ද උදරාබාධ හේතුවෙන් සැත්කම් කීපයකට ලක් කෙරුණි.