ආසියාවටම ඉන්ධන බෙදන්න ශ්‍රී ලංකාව සූදානම්.!

නැගෙනහිර ආසියාවේ ඛනිජ තෙල් වෙළෙදාම ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සමඟ පැවැති සාකච්ඡාවකදී දැනුම් දී ඇත.

මූලික වශයෙන් නැගෙනහිර ආසියාවේ ඉන්ධන අපනයන කටයුතු ලංකාව කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන බව එක්සත් ආරාබී එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාල්ඩ් නසීර් අයිආමරි සදහන් කර ඇත.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන ලංකාවට ගෙන්වා නිසි පරිදි ගබඩා කර එම ඉන්ධන නැගෙනහිර ආසියානු කලාපයේ රටවලට අලෙවි කිරීමට නියමිත බවද ශ්‍රී ලංකා තානාපති කාල්ඩ් නසීර් අයිආමරි සදහන් කර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close