යළිත් වතාවක් ඉදිරි දින කිහිපය තුළ බොහෝවිට රටේ ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙන බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
තෙල් සංස්ථාවේ අලෙවි කළමනාකරු හා ප්‍රාදේශීය කළමනාකරුවන් චෙක්පත් වලට ඉන්ධන ඇණවුම් ලබාදෙන බවට දැනුම්දී තිබියදී මුල්‍ය ප‍්‍රධානියෙකු විසික් ඉන්ධන ඇණවුම් මුදල්වලට පමණක් ලබාදෙන බව ප්‍රකාශ කිරීම එයට හේතුව බව එම සංගමය සදහන් කරයි.
ඉන්ධන ඇණවුම් මුදල්වලට පමණක් ලබාදෙන බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන ඇණවුම් ලබා ගැනීමට නොහැකි වී ඇතැයිද තෙල් බෙදුම්කරුවන් සදහන් කරයි.
ඉන්ධන කෝටාව වැඩිකිරීම මත ජනතාව ඉන්ධන ලබා ගැනීමට වැඩි වශයෙන් පැමිණීම හේතුවෙන් ඉන්ධන සැපයුම අඩාල වන ලකුණු පෙනෙන්නට ඇති බවද එම සංගමය සදහන් කරයි.