අද (30) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 311කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 283කි.
ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 319කි.
ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 183කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කරයි.