බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් ආරම්භ කල වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර ඇත.
ඒ අනුව එළඹෙන (17) වැනිදා සිට විශ්වවිද්‍යාලවල දේශන කටයුතු යළිත් ආරම්භ කිරීම කෙරෙහි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණයකට පැමිණ ඇති බවද සදහන් කරයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙම දීපව්‍යාප්ත වැඩවර්ජනය පසුගිය මාර්තු මස 09 වැනිදා ආරම්භ කළේය.