විදුලි ඒකකයක් රුපියල් 3.50යි.. ඒත් ජනතාවට විකුණන්නේ රුපියල් 30ට.!

ජල විදුලියෙන් නිපදවනු ලබන විදුලිය ඒකක 49ක් රුපියල් 3.50කට ලබාදීමට හැකියාව තිබියදී විදුලිබල මණ්ඩලය ඒ සදහා රුපියල් 30ක් වැනි මුදලක් අය කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සදහන් කරයි.

රටේ ජනතාව වෙනුවෙන් මීට එරෙහිව හඬ නැගූ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල (24) පාර්ලිමේන්තු විවාදයේදී මේ බව සදහන් කරයි.

උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා තවදුරටත් සදහන් කළේ,

“ලංකා විදුලි බල මණ්ඩල ඇස්තමේන්තු අනුව 2023 වසරට විදුලි ඒකක මිලියන 4,000 ජලයෙන් විදුලිය නිපදවා ගන්නට පුළුවන්. මේ රටේ විදුලි පාරිභෝගිකයන් ගණන මිලියන 6.8යි. මිලියන 4,000 අපි 6.8න් බෙදුවහම උත්තරේ 49 යි. ඒ අනුව සෑම විදුලි පාරිභෝගිකයකුට ජල විදුලියෙන් නිපදවනු ලබන විදුලිය ඒකක 49ක් රුපියල් 3.50 ලබාදෙන්න පුළුවන්.

රුපියල් 3ක් වගේ තමයි පිරිවැය වන්නේ. නමුත් මේකට අනෙකුත් වියදම් එකතු කලහම රුපියල් 3.50 කට වගේ දෙන්නට පුළුවන්. රුපියල් 3.50 දෙන්න පුළුවන් ඒකකය අද දෙන්නෙ රුපියල් 30 කට. ඒ ඇයි.? සාප්පු සංකීරණ වලට සුපිරි මහල් නිවාස වලට රජයේ කාර්යාල වලට දැවැන්ත අඩු මිලකට විදුලිය සපයනවා.

ලෝකයේ රටවල සමාජ සාධාරණත්වය කියලා සිදු කරන්නේ දැරිය හැකි පුද්ගලයා ගෙන් අරගෙන පහල සමාජ ක්ෂේත්‍ර වලට සහන ලබා දීම. ඒකක 30ට අඩුවෙන් විදුලිය පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 13ක් ඉන්න රටක් මේක. ඒ අයට වැඩි මිලක් දාලා. 3.50ට දෙන්න පුළුවන් ඒකකයට රුපියල් 30ක්, රුපියල් 50ක්, රුපියල් 70ක්, අය කරලා ධනපතියන්ට සහන සැලසීමේ ක්‍රියාවලියට එරෙහිවයි මේ සභාපතිවරයා කතා කළේ.”

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close