කේ.සුජීවාට ලොල්වී උතුම් පැවිද්ද හැරදා විත් වෙඩි කෑ මහානාම.!

අතුරුගිරියේ සිදුවූ වෙඩිතැබීමේදී වසන්ත් සුරේන්ද්‍ර පෙරේරා සමගින් මියගිය නයන වාසුල එදිරිසූරිය නම් අනෙකුත් පිරිමි පුද්ගලයා මින් පෙර පැවිදි ජීවිතයේ ගම්පහ මහානාම ලෙසින් පැවිදිවී උපසම්පදාවද ලබා සිටි හිමි නමක් බවත් පසුව කේ.සුජීවා සමඟ ඇසුරක් ආරම්භ කර පැවිද්දෙන් මිදී කල් ගතකරමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ජීවිතක්ෂයට පත්වූ බවත් පැවසේ.

මියගිය නයන වාසුල නම් පුද්ගලයා සම්බන්ධයෙන් ගම්පහ මිරිස්වත්ත නිසල විල සදහම් විහාරයේ විහාරාධිපති පූජ්‍ය අඹන්පොළ ඤාණතුසිත හිමි මෙසේ අදහස් දැක්වීය.

“මෙයාගේ ගිහි නම තමයි නයන වාසුල එදිරිසූරිය, මෙයාගේ පැවිදි නම තමයි ගම්පහ මහානාම, මෙයා මමත් එක්ක තමයි පැවිදි වුණේ, ඒ වගේම මමත් එක්ක තමයි උපසම්පදා ලැබුවෙත්, මෙයා ඒ කාලේ හොඳට බණ කියාගෙන රටේ ප්‍රසිද්ධ මාධ්‍යවල හොඳ නමක් දිනාගෙන හිටපු කෙනෙක්, පස්සේ රුවන්වැල්ලේ වහරක දම්සක් විහාරය කියන පන්සලේ විහාරාධිපති විදිහට අවුරුදු 18 ක් විතර පැවිදි ජීවිතය ගත කරපු කෙනෙක්.

පස්සේ කොරෝන අවසන් වෙච්ච අවධියේ ඔය කේ.සුජීවා කියන ගායිකාවත් එක්ක පැවිදි ජීවිතයේ ඉඳිද්දිම මෙයාගේ සම්බන්ධයක් ඇතිවෙලා තිබුණා, මීට වසර තුනත් හතරක් කාලයේ ඉඳලා එයා පන්සලෙන් ඈත්වෙලා කේ.සුජීවා එක්ක දිගින් දිගටම කාලය ගත කරන්න පටන් ගත්තා,

කොහොමහරි මෙයා පැවිදි ජීවිතෙන් ඉවත් වෙලා යන්න තීරණය කරලා තිබුණා, හැබැයි එහෙම ඉවත් වෙලා යද්දී එයාගේ පැවිදි ජීවිතෙන් එයාට ලැබුණු හැමදේම නැවතත් මහානායක හාමුදුරුවන්ට බාර දීලා, පන්සලත් වෙන කෙනෙක්ට පවරලා තමයි ඉවත් වෙලා ගියේ.

ඊට පස්සේ තමයි මෙයා කේ.සුජීව එක්ක ඉන්නවා කියන එක රටේ ප්‍රසිද්ධ වුණේ මොකද මෙයා මාධ්‍ය වල බණ කියපු ගොඩක් ප්‍රසිද්ධ හාමුදුරු නමක්, මෙයාට හොඳට කවි සින්දු ලියන්න පුළුවන්, එයා මේ මෑතකදී කේ.සුජීවට සින්දුවක් පවා ලියලා දීලා තිබුණා.

මෙයා ගාව හොඳට සල්ලි තිබ්බා. ඒ කාලෙ බණ කියලා හම්බුන සල්ලි වලින් මෙයා ගාව BMW i5 කාර් එකක් පවා තිබුණා, පස්සේ ඒකත් ඔය කේ. සුජීවා කියන ගෑණු කෙනා විකුණලා තිබුණා.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close