හෝටලයක යළිත් ගෑස් පිපිරීමක්.!

හෝමාගම හයිලෙවල් මාර්ගයේ පිහිටි පෞද්ගලික ආපන ආපනශාලාවක පසුගිය (04) වනදා අලුයම සිදුවූ පිපිරීමකින් එම අලෙවිසැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය සදහන් කරයි.

අනතුරුව පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා රූපරාමු පරික්ෂා කිරීමේදී අලෙවිසැල තුළ තිබූ ගෑස් සිලින්ඩරයකින් වූ ගෑස් කාන්දුවකින් එම පිපිරීම සිදුව ඇති බවට අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් මෙම පිපිරීමෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවත් අලෙවිසැල් අභ්‍යන්තරයේ තිබූ භාණ්ඩ රැසක් විනාශයට පත්ව ඇති බවත් ඉදිරිපස ආරක්ෂිත වීදුරුවද පුපුරා ගොස් ඇති බවද පොලීසිය සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close