පාලු නිවසක තිබී 14 හැවිරිදි පාසල් දැරියකගේ සහ 17 හැවිරිදි තරුණයෙකුගේ සිරුරු දෙකක් ගලේවෙල පොලීසිය විසින් සොයාගෙන ඇත.
මෙම දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් තිබී මීට පෙර අවස්ථාවකදී ද නිවසින් පැනගොස් ඇති අතර ඔවුන් දෙදෙනා සොයාගෙන අධිකරණයෙන් අදාළ බාලයවයස්කාර පාසල් දැරිය ඇගේ මවගේ භාරයට පත්කර ඇත.
අනතුරුව නැවතත් ඔවුන් දෙදෙනා නිවසින් පැනගොස් ඇති අතර එහිදී එම තරුණයාගේ ගම් ප්‍රදේශය වන ආඳාවල පාලු නිවසක ඔවුන් රැඳී සිට ඇති බව අනාවරණය වී ඇත.
එම පාසල් සිසුවියගේ නිවසට ලැබුණු ආරංචියක් මත සොයාබැලීමට ගිය අවස්ථාව වනවිට ඔවුන් දෙදෙනා ගෙළවැලලාගෙන මියගොස් සිටියදී හමු වී ඇත.
දෙදෙනා සියදිවි හානිකරගත්තාද.? නැතිනම් ඝාතනයට ලක්වී ඇත්දැයි යන්න ගලේවෙල පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.