ආරවුලක් දුරදිග ගොස් ගෙයක් ගිනි තියයි.!

දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ නිවසකට කිසියම් පිරිසක් පැමිණ ගිනිතබා විනාශ කර ඇති බව පානදුර දකුණ පොලීසිය සදහන් කරයි.

ඒ (17) පානදුර ජනප්‍රිය මාවතේදී මුදල් ආරවුලක් හේතුවෙන් දෙපිරිසක් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇත. එයින් පහරකෑමට ලක්වූ දෙදෙනෙකු පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සදහන් කරයි.

අනතුරුව ඊයේ රාත්‍රි 10.30 ට පමණ මෝදරවිල මහල් නිවාස සංකීර්ණයට නාඳුනන පිරිසක් පහරදීම සිදුකර එහි තුන්වන මහලේ නිවසකට ගිනි තබා ඇති බවද පොලීසිය සදහන් කරයි.

මොරටුව නගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණ එහි ප්‍රදේශවාසීන්ගේ සහායෙන් ගින්න පාලනය කර ඇති අතර ගින්නෙන් කිසිදු ජීවිත හානි සිදුව නොමැති බවද පොලීසිය සදහන් කරයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close