ශ්‍රී ලංකා රුපියල් කෝටි 100ක් වැනි අධික මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ නිධානයකින් ගත් මැණික් ගල් ඔබ්බවන ලද වෛත්‍යයක් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
කෝන්ගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22ක් සහ 34 ක් වන පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවත් විමර්ශන කටයුතු සඳහා වේයන්ගොඩ පොලිස් ස්ථානයට භාරදී ඇති බවද විශේෂ කාර්ය බළකාය සදහන් කරයි.
විශේෂ කාර්ය බළකාය වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ නිධානයකින් ගත් එම මැණික් ගල් ඔබ්බවන ලද වෛත්‍යය සොයාගෙන ඇත.