අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ භුගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ කොටසක් පාසල් සිසුන් පිරිසකට ලබානොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ඒ අනුව භුගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රය සඳහා මුහුණ දුන් කිසිදු අපේක්ෂකයෙකුට ආසාධාරණයක් නොවන අයුරින් කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ගැටලුකාරී තත්ත්වයන් රැසක් වරින් වර වාර්තා විය.
අදාළ සිදුවීමට මුහුණ දුන් අපේක්ෂකයින් පිළිබඳ වෙන වෙනම අධ්‍යයනයන් සිදුකර ඊට අවශ්‍ය පියවර ගන්නා බවත් මිනුවන්ගොඩ අල් අමීන් මුස්ලිම් විද්‍යාලයේ පිහිටුවා තිබු අදාළ විභාග මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරීන්ගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කර ඇති බව සදහන් කරයි.