By unusuma.lk on
(LK time)ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (09) දින ජනාධිපති කාර්යාලයේදී හමුවිය.
එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව සුබපැතුම් එක් කළ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් ජර්මානු චාන්සලර් ඔලාෆ් ස්කොල්ස්ගේ (Olaf Scholz) සුබ පැතුම් ද ජනාධිපතිවරයා වෙත පිරිනමනු ලැබීය.
ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳවද අන්‍යෝන්‍ය අවශ්‍යතා පදනම් කොට ගනිමින් එම සහයෝගීතාව තවදුරටත් පවත්වාගෙන යාම සඳහා තමන් විසින් නියෝජනය කෙරෙන ජර්මනිය දක්වන උනන්දුව පිළිබඳව මෙම හමුවේ දී තානාපති නියුමාන් විසින් විශේෂයෙන් අවධාරණය කරන ලදී.
ශ්‍රී ලාංකේය තාක්ෂණික අධ්‍යාපන ක්ෂේත්රයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබන කටුබැද්ද සහ කිලිනොච්චි ජර්මානු කාර්මික විද්‍යාල දෙකෙහි මෙහෙයුම් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ජර්මානු සහාය ලබාදෙන බවද තානාපතිවරයා සඳහන් කළේය.
මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ජර්මනියේ වසර 70 ක පළපුරුද්ද පිළිබඳව අවධාරණය කළ තානාපතිවරයා ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා සිය සහය ලබාදෙන බවටද සහතික විය.
ශ්‍රී ලංකාවේ අපනයන හැකියාව අනුව ශ්‍රී ලංකාව සඳහා අගනා අවස්ථාවක් ලබා ගත හැකි ඉන්දීය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය නියෝජනය කිරීම සඳහා උනන්දු වන ලෙසද තානාපතිවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක දිරිමත් කළේය.
ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර වෙළෙඳ සබඳතා පිළිබඳ තව දුරටත් අවධානය යොමු කරනු ලැබූ අතර එම අවස්ථා සොයා ගනිමින් ජර්මානු ශ්‍රම වෙළඳපොළ වෙත පිවිසීම සඳහා උත්සාහ කරන ලෙසද තානාපතිවරයා ශ්‍රී ලංකාවට ඇරයුම් කළේය.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා ජර්මනියේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව අවධාරණය තානාපතිවරයා දෙරට අතර ඇති ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා මෙහිදී තවදුරටත් තහවුරු කරනු ලැබුවේය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සහයෝගය ලබාදීමට ජර්මනිය සූදානම් බවද තානාපතිවරයා සදහන් කරයි.