රාත්රි 7.30 පමණ (17) කොටුගොඩ යාගොඩමුල්ල ප්රදේශයේ පිහිටි නිවසකට නාදුනන පුද්ගලයන් කිහිපදෙනකු කඩා පැන එහි නිදන කාමරයට ගිනිතබා ඇති බව මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කරයි.
එහි නිදන කාමරයට ගිනි තැබීම නිසා එම කාමරයේ සිටි 65 හැවිරිදි ශාන්ති පද්මිණී නැමැති කාන්තාවක් පිළිස්සී මියගොස් ඇති බව මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කරයි.
අනතුරුව ප්රදේශවාසීන් පැමිණ ගින්න නිවා දමා ඇති අතර ඒ වන විටත් ඇය පිළිස්සි මියගොස් සිටි බවත් එම කාන්තාව නිවසේ හුදෙකලාව ජීවත් වූ තැනැත්තියක් බවද පොලීසිය සදහන් කරයි.
මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.