පසුගිය දෙසැම්බර් උත්සව සමයට සාපේක්ෂව මෙම වසරේ අලුත් අවුරුදු උත්සව සමයේදී රතිඤ්ඤා සහ ගිනිකෙළි නිෂ්පාදන වල මිල 40%කින් පමණ ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයන් සදහන් කරයි.
තවද වෙළෙඳපොළේ සෙසු ආහාර ද්‍රව්‍ය මිල සහ ඇඳුම් පැළඳුම් ඇතුළු භාණ්ඩ මිලද පසුගිය මාස කිහිපයට සාපේක්ෂව තවදුරටත් ඉහළ ගොස් ඇති බවද පාරිභෝගිකයින් සදහන් කරයි.
ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්ව ඇතත් එහි වාසිය තමන්ට නොලැබෙන බවත් මිල අඩු භාණ්ඩ වැඩි මිලට විකුණන බවද පාරිභෝගිකයන් සදහන් කරයි.
රජය විසින් ජනතාවට යම් සහන ලබාදීමට කටයුතු කලත් ඇතැම් ව්‍යාපාරිකයන් එම සහනය ලබා නොදීමට කටයුතු කරන බවද පාරිභෝගික ජනතාව සදහන් කරයි.