භූමිතෙල් ඇගට හලාගෙන සිව්දරු මවක් ගිනි තබාගෙන ඇති බව බේරුවල පොලීසිය සදහන් කරයි.
සිය සැමියා සමග ඇති වු ආරවුලක් හේතුවෙන් බිරිඳ නිවසේ ප්ලාස්ටික් කෑන් එකක තිබූ භූමිතෙල් තම සිරුරට හලාගෙන ගිනි තබා ගෙන ඇති බව අනාවරණය වී ඇත.
එලෙස බිරිදගේ සිරුර ගිනි ගනිද්දී එම සැමියා ගින්න නිවා දැමීමට උත්සහ දැරීමේදී ඔහුද පිළිස්සීම් තුවාල ලබා ඇති බවත් අනතුරුව දෙදෙනාම කළුතර රෝහලට ඇතුළත් කර ඇත.
එලෙස රෝහල් ගතකර ඇත්තේ බේරුවල සමඩ් මාවතේ පදිංචි 38 සහ 34 දී ඇති අඹුසැමි යුවළක් බව බේරුවල පොලීසිය සඳහන් කරයි.