ඇඳක් වටා ආරක්ෂාවට සවිකර තිබූ ලී වැටක සිරවීමෙන් මාස 07ක පුංචි දැරියක් මියගිය අවාසනාවන්ත පුවතක් ඌව පරණගම මස්පන්න ගම්මානයෙන් වාර්තා වේ.
හර්ෂණී මධුෂිකා නමැති වයස මාස 07ක මෙම දැරිය නිවසේ ඇඳෙන් වැටී ආවරණ ලී වැටේ සිරවීමෙන් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත.
මෙම කුඩා දැරියගේ මව නිවසේ වැඩ කටයුතුවල නිරතවී සිට අනතුරුව මෙම දැරිය නිදා සිටි ඇඳ වෙත පැමිණ ඇති අතර එය දැක වහාම දැරිය රෝහලට ගෙනවිත් ඇත.
එහෙත් එම කුඩා දැරිය ඌව පරණගම වැවේගම රෝහලට රැගෙන යන විටත් දැරිය මියගොස් සිට ඇති බව පොලීසිය සදහන් කරයි.