තෛයිනිකායික මහනාහිමිවරු විසින් ගලගොඩඅත්තේ ඥානසාරහිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ.
ඥානසාර හිමිට පසුව වසර හතක සිර දඬුවමක් නියම කෙරුනේ පසුගිය 2016 වසරේදී කූලරගල රජමහා විහාරස්ථානය සම්බන්ධ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී ජාතින් අතර අසමගින් ඇතිවන අකාරයට කටයුතු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි.
තෛයිනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ඉදිරිපත් කළ තිබූ ලිපියේ පහත ආකාරයෙන් කරුණු සඳහන් කර තිබිණ.
ගරු ජනාධිප තුමනි,
ගලගොඩ අත්තේ ඤාණසාර ස්ථවිර වෙන ජනාධිපති සමාව ලබා දීම පිළිබඳවයි
2016 වසරේ කුරගල රජ මහා විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය සාකච්ජාවක දී ජාතීන් අතර අසමගිය ඇසිවන ආකාරයෙන් කටයුතු කරන ලදැයි වරදකරු කොට කලෙගොඩ අස්සේ ඥාණසාර ස්ථවිරයන් වෙත 2024.01.28 දින වසර හතරක සිර දඩුවමක් නියම කරන ලදී.
මෙම ස්ථවිරයන් පසුගිය කාලවකවාණුව තුළ මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වය වෙනුවෙන් හඩ අවදි කරමින් කටයුතු කළ අතර සමාජය තුළ පැවති ඇතැම් අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ ආරක්ෂක අංශ දැනුවත් කිරීමට ද පියවර ගනිමින් කටයුතු කර ඇත. ඒ තුළින් ලාංකේය සමාජය තුළ ව්‍යාප්ත වීමට සිය ඇතැම් අන්තවාදී බලවේගයන් වැළැක් වීමට රාජ්‍ය ආරක්ෂක අංශ වෙත සහයෝගයක් ලැබුණු බව නොරහසකි.
ගලගොඩ අත්තේ ඥාණසාර ස්ථවීරයන්ගේ එම ක්‍රියා කලාපය සමාජයේ බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට ලක් වූ අතර ඉන් රට තුළ ජාතීන් අතර ඇති වීමට ගිය දැවැත්ත ගැටුම් වළක්වා ගැනීමට ද හේතු වූ බව ද නොරහසකි.
කවද “එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ධුරය ද දරමින් රට තුළ පොදු නීති පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳ රජයට අවශ්‍ය නිර්දේශ ලබා දීමට ගලබොඩ අත්තේ ඤාණසාර ස්ථවිර කටයුතු කර ඇත. ඒ අනුව ජාතික සමගිය මෙන් ම සමාජ සහයෝගය පිළිබඳ මහා අවබෝධයකින් එම ස්ථවිර සැක කටයුතු කර ඇති බව පැහැදිලි වේ.
කරුණු එසේ හෙයින් මේ පිළිබඳ ගරු ජනාධිප සිතුමන්ගේ කාරුණික අවධානය යොමු කොට වෙසක් පුණ්‍ය පිකෝස්සවය ද නිමිසි කොට කෛ ගලගොඩඅන්සේ ඤාණසාර ස්ථවිර වෙන ජනාධිපති සමාව ලබා දීමට කටයුතු කරන්නේ නම් මැනවැයි සීකට්ඨාසයෙන් යුතුව සිහිපත් කර සිටිමි”