අද (11) දිනයේ රන් මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ තොරතුරු වාර්තා කරයි.
ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 177,600ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කැරට් 24 රන් පවුමක මිල රුපියල් 193,000ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ (10) දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 175,700ක් ලෙසත් කැරට් 24 රන් පවුමක මිල රුපියල් 191,000ක් ලෙස සටහන්ව තිබුණේය.