අද (06) දින ලංකාවේ රන් මිල යළිත් වරක් රුපියල් 1500කින් පමණ ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රන් ව්‍යාපාරිකයින් සදහන් කරයි.
ඉදිරි දින කිහිපයේදී රන් මිල තවදුරටත් ඉහළ යාමට වැඩි ඉඩකඩක් ඇති බවද කොළඹ හෙට්ටිවීදිය රත්‍රන් ව්‍යාපාරිකයින් සදහන් කරයි.
ඒ අනුව අද දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 167,500ක් ලෙස සටහන් වු අතර කැරට් 24 රන් පවුමක මිල රුපියල් 182,650ක් ලෙස සටහන් වී ඇත.
තවද අද දිනයේ කැරට් 21 රන් පවුමක මිල රුපියල් 159,900ක් ලෙස සටහන් වු අතර රන් අවුන්සයක මිල රුපියල් 647,221 ලෙස සටහන්ව ඇත.