ලංකාවේ රන් මිල ගණන් පහළ ගොස් ඇති බව හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග වාර්තා කරයි.
අද (01) දින පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 162,800 ක් දක්වා පහළ ගොස් ඇති අතර (31) එය දැක්වුණේ රු. 165,600ක් ලෙසටයි.
තවද “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 177,000 ක් දක්වා පහත වැටී ඇති අතර එය ඊයේ දින දැක්වුණේ රු. 180,000ක් ලෙසටයි.