ශ්‍රී ලංකාවේ පසුගිය සතියේදී රන් මිල ඉහළ ගිය අතර මෙම සතිය ආරම්භයේදීම රන් මිල පහළ යාමට පටන් ගෙන ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් සදහන් කරයි.
කොළඹ හෙට්ටිවීදිය රන් භාණ්ඩ නිෂ්පාදකයින් සදහන් කළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 2000කින් පහළ ගොස් ඇති බවයි.
ඒ අනුව අද (10) දිනයේ කැරට් 24ක රන් පවුමක මිල රුපියල් 180,350.00 වන බව හෙට්ටිවීදිය රන් භාණ්ඩ නිෂ්පාදකයින් සදහන් කරයි.
තවද කැරට් 22ක රන් පවුමක මිල රුපියල් 165,400.00 වන බවත් කැරට් 21ක රන් පවුමක මිල රුපියල් 157,850.00 වන බවද රන් භාණ්ඩ නිෂ්පාදකයින් සදහන් කරයි.