ජනතාවට සතුටුදායක ආරංචියක්.!

හෙට (21) දිනයේ සිට දිවයින පුරම පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව නැගෙනහිර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සදහන් කරයි.

තද වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close