පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ අයෙක් එළඹෙන ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බව පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරයකු කැදවා ගෝඨාභය රාජපක්ෂ සදහන් කර ඇත.
අනතුරුව පොහොට්ටුවේ එම පසුපෙළ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ දැනුවත් කර ඇති අතර එහිදී මහින්ද රාජපක්ෂ එය ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ.
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කතා කිරීමට දැන්ම කල් වැඩි බවත්, පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස එම පුද්ගලයා නම් කළ නොහැකි බවද මහින්ද රාජපක්ෂ සදහන් කර ඇති බවද වාර්තා වේ.