By unusuma.lk on
(LK time)මේ වනවිට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ සිදුවූ බවට කියන සීනි බදු වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු යළිත් ආරම්භ කර ඇත.
එම සීනි බදු වංචාවෙන් රජයට රුපියල් බිලියන දහ හතරක පමණ අලාභයක් සිදුව ඇති බව එම වංචාව සම්බන්ධයෙන් සිදු කරන ලද විගණනයකින් හෙළි වී ඇත.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ එවකට සිටි ලේකම්වරුන්ගේ ජංගම හා ස්ථාවර දුරකථන අංක මේ වනවිට විශ්ලේෂණය කරමින් පවතින බව වාර්තා වේ.