ලොව ඕනෑම තැනක සිදු කර ඇති යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ සිටින සියලුම පුද්ගලයින්ට චෝදනා එල්ල වූවහොත් ජාතිකත්වය නොසලකා නඩු පැවරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කරයි.
ඒ සදහා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට (DOJ) අධිකරණ බලය ලබා දෙමින් ඓතිහාසික “යුද අපරාධවල වින්දිතයින් සඳහා වූ යුක්තිය” පනතට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් අත්සන් කර ඇත.
ශක්තිමත් ද්විපාර්ශ්වික සහාය ඇතිව සම්මත කරන ලද මෙම නීතිය, එක්සත් ජනපදය, මිත්‍ර පාක්ෂිකයින් සහ ජිනීවා සම්මුතීන් සමඟ වඩා හොඳින් පෙළගස්වා ඇත.
එම පුද්ගලයින් එක්සත් ජනපදයට පැමිණියහොත් ලෝකයේ ඕනෑම ප්‍රදේශයක යුධ අපරාධවලට වගකිව යුතු පුද්ගලයින් සේ සලකා ඔවුන්ට නඩු පැවරීමට හැකියාව මෙමගින් ලබාදී ඇත.
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටත් මේ වනවිට එම යුද අපරාධ චෝදනා එල්ල වී ඇත.
මෙම නව තත්ත්වය යටතේ අමෙරිකාවට ඇතුලු වුවහොත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක ගෝඨාභය රාජපක්ෂට නඩු පැවරීමේ හැකියාවද ලැබී ඇත.
