රජය විසින් සංවිධාන රැසක් තහනම් කරයි.!

රටේ සාමාන්‍ය ජන ජීවිතයට හානියක් වන කිසිඳු ක්‍රියාකාරකමකට රජය ඉඩ තබා නොමැති බව අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍ය ටිරාන් අලස් මේ බව සදහන් කරයි.

රට පුරා පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අවශ්‍ය වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත දැනමටමත් ක්‍රියාත්මක කර තිබෙන බවත් මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනයෙන් තොර ආයතනයක් ලෙස කටයුතු කරන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

පසුගිය කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවරම මැඩලීට විශේෂ අවධානයක් යොමු කරමින් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළ බවත් මත්ද්‍රව්‍යවලින් තරුණයන් බේරා ගැනීමේ පුළුල් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවා තිබෙන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

රට පුරා පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අවශ්‍ය වැඩපිළිවෙළ දැනටමත් රජය ක්‍රියාත්මක කර තිබෙන බවත් වගකිව යුතු රජයක් ලෙස සාමාන්‍ය ජන ජීවිතයට හානියක් වන කිසිදු ක්‍රියාකාරකමට රජය කිසිවෙකුටත් ඉඩ තබන්නේ නැති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරයට අදාළ සම්පූර්ණ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත කතෝලික සභාවට ලබා දීමට පියවර ගෙන තිබෙන බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශනවලට කතෝලික සභාව ද සහාය ලබාදිය යුතු බවද අමාත්‍යවරයා සදහන් කරයි.

රටේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් සොයා බැලීම් සිදුකරන බවත් එම රාජ්‍ය නොවන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවන සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා තවදුරටත් සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close