රජය දැඩි තීරණයක් ගනී.. රාජ්‍ය ආයතන 40ක් වසා දමයි.!

පහළ මට්ටමක ඇති රාජ්‍ය ආයතන හතළිහක් පමණ වසා දමන්නට කටයුතු සිදුකරමින් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ රූපවාහිනී නාළිකාවක සාකච්ඡාවකදී සඳහන් කරයි.

රටේ දැනට මෙම රාජ්‍ය ආයතන සියල්ලම හඳුනාගෙන ඇති බවත් ඒවා මුදල් අමාත්‍යංශයේ යටතට පත්කර මෙම වසා දැමීම සිදු කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සදහන් කරයි.

මෙම ආයතනවල සේවය කරන රාජ්‍ය සේවකයන්ට කිසිදු අසාධාරණයක් නොවන ආකාරයට මෙම ක්‍රියාවලිය සිදු කරන බවත් රජය තවදුරටත් ව්‍යාපාරවල නොයෙදිය යුතු බව ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

Loading

Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close