වැටුප් වැඩි කිරීම ඇතුළු විවිධ ඉල්ලීම් සිදුකරන රාජ්‍ය සේවකයන් තම යුතුකම නිසි ලෙස ජනතාවට ඉටුකළ යුතු බවත් දේශපාලන තන්ත්රය මඟින් සිදු කළ හැකි වන්නේ ප්‍රතිපත්ති සම්පාදනය පමණක් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි සදහන් කරයි.
දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්‍රම මඟින් ගනුදෙනු සිදු කරන සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි සදහන් කරයි.
මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි තවදුරටත් සදහන් කළේ,
” විගණකාධිපතිවරයාගේ වාර්තාවලට අනුව ඇතැම් ආයතනවල කාර්ය සාධනය 23%ක් පමණ වන බව පෙනී ගොස් තිබෙනවා. ඒ සම්බන්ධව හේතු විමසූ විට විවිධ පිළිතුරු ලැබෙනවා.
කෙසේ නමුත් පවතින මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා පසුගියදා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ජනතාවට සමීපව සේවය කරන රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ වැඩමුළුවක් පැවත්වීමට කටයුතු කළා. එහිදී ජනාතාවට කාර්යක්ෂම හා සුහදශීලී සේවයක් සිදු කළ යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීම සිදු කෙරුණා.
ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ යුතුකම මෙන්ම වගකීම සහ වගවීම වන්නේ, ජනතාවට සේවය කිරීමයි. මේ වසරට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ රජය විසින් රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් සිදු කළා. ලබන වසරට ද වැටුප් වැඩිවීමක් සිදුකරන බව සඳහන් කර තිබෙනවා. මෙහිදී වැටුප් වැඩි කිරීම ඇතුළු විවිධ ඉල්ලීම් සිදුකරන රාජ්‍ය සේවකයන් තම යුතුකම ද නිසි ලෙස ජනතාවට ඉටුකළ යුතුයි.
දේශපාලන තන්ත්රය මඟින් සිදුකළ හැකි වන්නේ ප්‍රතිපත්ති සම්පාදනය පමණයි. කඳුළු පිරි දෙනෙතින් රාජ්‍ය ආයතනයට එන ජනතාව සිනා මුසු මුවින් ආපසු යැවීමට රාජ්‍ය අංශය සමත්විය යුතුයි.”
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මේ බව සදහන් කරයි.