රාජ්‍ය සේවකයින්ට හිමිවන දීර්ඝ නිවාඩුව සම්බන්ධව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව අප්‍රේල් (11) වනදා සිට (14) වනදා දක්වා වූ දීර්ඝ නිවාඩුවට අදාළව රාජකාරී ඉටුකිරීම සම්බන්ධව සියලු ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට නිවේදනය නිකුත් කර ඇත.
එම කාලසීමාව තුළදී ආපදා සහ හදිසි අත්‍යාවශ්‍ය කාර්යයන් සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසත් සංවර්ධන කටයුතු වලට අදාළව ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති, වැඩසටහන් නිවාඩු කාලසීමාව තුළදී බාධාවකින් තොරව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසද සදහන් කර ඇත.
දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු ප්‍රාදේශීය පාලනයේ සේවයේ නියුතු සියලුම නිලධාරීන් වෙත මෙම නිවේදනය නිකුත් කර ඇත.