රටේ සියලුම රාජ්‍ය සේවකයින්ගේ 2023 ජනවාරි මස වැටුප අද (25) දිනයේ ලබාදී අවසන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.
තවද විධායක සහ විධායක නොවන ශ්‍රේණිවල සියලු සේවකයින්ට අද දිනයේ සියලුම වැටුප් ලබා දෙන බවද අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.
මේ වන තෙක් වැටුප් හිමි නොවූ සියලු රාජ්‍ය සේවකයින්ට ජනවාරි මස වැටුප අද දිනයේ ලබා දෙන බවද අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.
අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනවාරි මස වැටුප් ගෙවිම ප්‍රමාදවනු ඇති බවට පසුගියදා ප්‍රකාශ කර තිබුණේය.