ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රණවිරුවන්ට ඉඩම් ලබාදීමේදී අනුගමනය කරනු ලබන ක්‍රමවේද හේතුවෙන් පැන නැගී ඇති ගැටලු සඳහා විසඳුම් ඇතුළත් කරමින් පවත්නා ක්‍රමවේදය සංශෝධනය කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
පවතින ක්‍රමවේදය තුළ රණවිරුවන්ට හිමි වන සහනය ප්‍රමාණවත් නොවන බවත්, භුක්තිවිඳින ඉඩම් සඳහා හිමිවන කොන්දේසි සහිත නිත්‍යානුකූල ලේඛනවල පවතින සීමාකාරී සාධක හේතුවෙන් එම ඉඩම්වල සැබෑ වටිනාකම නිරූපණය නොවන බවට නිරීක්ෂණය වීමත් සමග මෙම තීරණය ගෙන ඇත.
රාජකාරියේ යෙදී සිටියදී දිවි පිදූ, අතුරුදන් වූ, විශ්‍රාමික සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට පදිංචි වීමට ඉඩම් ලබාදීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳව ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත වරින් වර චක්‍රලේඛ උපදෙස් නිකුත් කර ඇත.