රාජ්‍ය සේවකයින්ට මෙම වසරේ නැවත වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කරයි.
නැවත වතාවක් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන්නේ ලබන වසරේදී බවත් මෙම වසරේ නැවත වැටුප් වැඩිකිරීමක් සිදු කළහොත් රට ආර්ථික වශයෙන් නැවතත් කඩා වැටීමකට ලක්විය හැකි බවද අමාත්‍යවරයා සදහන් කරයි.
සත්ත්ව නිෂ්පාදන හා පශු සම්පත් සංවර්ධන අංශයට අයත් සේවක මණ්ඩල කිහිපයක වෘත්තිය සමිති නිලධාරින් සමග එහි ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.