මියගිය කාන්තාවට පණදුන් ග්‍රාම නිලධාරිවරයා.!

ග්‍රාම නිලධාරීවරයෙකු විසින් මියගිය කාන්තාවක් ජීවත්ව සිටින බවට සදහන් කරමින් ලියවිල්ලක් නිකුත්  කිරීම සම්බන්ධව කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වස්කඩුව, මිල්ලගහන්දිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි වියේ පසුවන, කළුතර  තේක්කවත්ත ග්‍රාම නිළධාරී වසමේ රාජකාරි කරන ග්‍රාම නිලධාරිවරයෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

2021 වර්ෂයේ කළුතර ප්‍රාදේශයේ රාජකාරි ආවරණය  කරමින් සිටියදී මියගිය කාන්තාවකගේ නමට ඇය ජීවත්ව සිටී බව සදහන් කරමින් සැකකාර නිලධාරියා මුස්ලිම් දේවස්ථානයක මව්ලවිවරයෙකු අමතා ලිපියක් නිකුත් කර ඇත.

එම ලිපිය රැගෙන ගිය කාන්තාව ලිපිය ඉදිරිපත් කර වෙනත් පුද්ගලයකුට හිමිකම් ඇති කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ ඉඩමක කොටසක් වෙනුවෙන් ව්‍යාජ ඔප්පුවක් සකස්කර ඇති බව පොලිසිය සදහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement