ශ්රී ලංකා ග්රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුව පවසා සිටින්නේ සිය ඉල්ලීම් සඳහා සාධාරණ විසඳුම් නොලැබීම හේතුවෙන් අද (14) සිට ලබන 16 වැනිදා දක්වා දින තුනක වෘත්තීය ක්රියාමාර්ගයක් සිදු කිරීමට තීරණය කළ බවයි.
ග්රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ ඉල්ලා සිටින්නේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දීමට කටයුතු කරනා ලෙසයි.
එසේ සිදු නොකරන්නේ නම් ලබන 27 වැනිදා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති සභාපති වරයා වැඩිදුරටත් පැවසීය.