ග්‍රාම නිලධාරීන් දැඩි තීරණයක් ගනී.. නිල ඇඳුම් ගලවයි, රාජකාරී පස්වරු 1 දක්වා පමණයි.!

ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ සිය ඉල්ලීම් ලබාදීමට රජය කටයතු කරන තෙක් දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරීන් දේශපාලඥනයින් සහභාගි වන රැස්වීම්වලට සහභාගි නොවීමටත් සහල් ඇතුළු සහනාධාර බෙදාදීමේ රාජකාරිවලින් ඉවත් වීමටත් තීරණය කළ බවයි.

ග්‍රාම නිලධාරීන් පසුගිය දිනවලදී වරින් වර අසනීප නිවාඩු දමා රාජකාරියට වාර්තා නොකර වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වෙමින් ඉල්ලා සිටියේ, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත කිරීම, ඊට අනන්‍ය වැටුප් තලයක් ලබා ගැනීම, සේවාවට අදාළ දීමනා වැඩිකර ගැනීම ඇතුළු ඉල්ලීම් ලබා දෙන ලෙසයි.

එම ඉල්ලීම් සඳහා රජය පාර්ශවයෙන් නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් එම සංගමය තීරණය කර ඇත්තේ, ඉඩම් රාජකාරිවලින් ඉවත්වීමටත්, හැඳුනුම්පත් එක්දින සේවය සඳහා යොමු කිරීමෙන් වැළකීමටත්, රාජකාරියට වාර්තා කිරීමේදී නිල ඇඳුම ඇඳීම සම්පූර්ණයෙන්ම නතර කිරීමටත්, කාර්යාල සේවාවන් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල පස්වරු 8.30 සිට පස්වරු 1.00 දක්වා පමණක් සිදු කිරීමටත් ග්‍රාම නිලධාරීන් තීරණය කර ඇති බව නෙවිල් විජේරත්න මහතා පවසයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ග මේ මස 27 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත්, ඒ අතර නිසි විසඳුම් නොලැබේනම් අඛන්ඩව වර්ජනය සිදු කරනා බවත් සවිධායකවරයා වැඩිදුරටත් පැවසීය.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement