ශ්‍රී ලංකාවට GSP+ සහනය නැතිවෙන්න රතු එළි පත්තු කරයි.!

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ නව ත්‍රස්ත විරෝධී කෙටුම්පත ගැන දැඩි කනස්සල්ලක් මතු කර ඇති අතර මේ තත්ත්වය යටතේ (GSP+) සහනය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා වලදී එය ප්‍රධාන සාධකයක් විය හැකි බව සදහන් කරයි.

එම (GSP+) සහනය ලබන වසරේදී අලුත් කළ යුතු නමුත් පසුගිය 2017 දී එකඟ වූ පාරිසරික ආරක්ෂාව, යහපාලනය, මානව හිමිකම් සහ කම්කරු අයිතිවාසිකම් යන පුළුල් තේමාවන් යටතේ පවතින සම්මුතීන් 27 න් සමහරක් ඉටු කිරීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බවද සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චයිබි පසුගියදා කොළඹ යුරෝපා සංගම් කොන්සල් කාර්යාලයේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී (Economy Next) වෙත සදහන් කර ඇත්තේ “නිශ්චිත තක්සේරුවක් කිරීමට දැන් කල් වැඩියි,”

“නමුත් ත්‍රස්තවාදය නිර්වචනය කිරීම හෝ සමහර සංවිධාන ත්‍රස්තවාදී ලෙස ප්‍රකාශ කිරීමට බන්ධනාගාර රැඳවුම් බලතල සම්බන්ධයෙන් යම් යම් දුෂ්කරතා ඇති බව අපට පෙනේ. යුරෝපා සංගමයද ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරන නමුත් එය සිදු කරනු ලබන්නේ යුක්තිය විසින් සමාලෝචනය කළ හැකි පොදු තොරතුරු මත පදනම් වූ ක්‍රියාවලියකට අනුවය.”

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close