ධනුෂ්කට එරෙහිව සිඩ්නි අධිකරණය දුන් තීන්දුව.!

අද (18) දින ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි “Downing Centre” අධිකරණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව යළි කැදවනු ලැබුවේය.

නඩුව කැදවනු ලැබු අවස්ථාවේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබු ලිංගික අතවර කිරීමේ චෝදනා හතරෙන් තුනක් ඉවත්කර ගැනීමට ඔස්ට්‍රේලියානු පොලීසිය කටයුතු කර ඇත.

එලෙස ලිංගික අතවරයට ලක්වු බව කියන 29 හැවිරිදි ඔස්ට්‍රේලියානු තරුණිය ගොනුකල එම නඩුව එළඹෙන ජූලි (13) වනදා නැවත කැඳවීමට සිඩ්නි අධිකරණය තීරණය කර ඇත.

ඔස්ට්‍රේලියාවේ පැවති 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ධනුෂ්ක ගුණතිලක එම තරුණ කාන්තාව සමග මිත්‍ර වී ඇයගේ කැමැත්තෙන් තොරව දුෂණය කළ බවට කාන්තාව කල පැමිණිල්ල හේතුවෙන් නොවැම්බර් 06 වනදා ඔහු අත්අඩංගුවට ගත්තේය.

Loading

RSS