ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා දෙකක් වන Sukhoi Su-30 සහ Mirage 2000 අද දින පුහුණු අභ්‍යාසයක් අතරතුර කඩා වැටීමෙන් එක් ගුවන් නියමුවෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක් ගුවන් යානයක් මොරේනා ප්‍රදේශයේදී කඩා වැටී ඇති අතර අනෙක් යානය කිලෝමීටර් 100ක් පමණ දුරින් රාජස්තානයේ භාරත්පූර් ප්‍රදේශයේදී කඩා වැටී ඇති බව වාර්තා කරයි.
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ ග්වාලිය ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා දෙකක් විසින් සිදු කරන ලද හමුදා අභ්‍යාසයකදී මෙලෙස එකිනෙකට ගැටී මෙම අනතුර සිදුව ඇත.
-අනුරාධ වාසල