මව පියා සහ දියණිය නිදි යහනේම දැවී අළු වෙයි.!

හලාවත පොලීසිය පවසන්නේ, සිංහපුර ප්‍රදේශයක ඊයේ (19) රාත්‍රී ඇති වු ගින්නකින් එම නිවසේ ජීවත්වූ අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ දියණිය මියගොස් ඇති බවයි.

අවුරුදු 42ක් වයසැති පිරිමි පුද්ගලයෙක්, 40ක් පමණ වයසැති කාන්තාවක් සහ 15ක් පමණ වයසැති දියනියක් මෙලෙස එම ගින්නට හසුවී මියගොස් ඇති අතර ගින්නෙන් පසුව ඔවුන්ගේ මළසිරුරු සොයාගත් බව පොලීසිය පවසයි.

හලාවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර ගින්නට නිෂ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත.

Loading