හරක් කටා සහ කුඩු සළිඳු ත්‍රස්ත ජාලය සමග සබදතා.. තොරතුරු රැසක් හෙළිවෙයි.!

හරක් කටා හා කුඩු සළිඳු ඩුබායි සිට මැඩගස්කරය බලා ගමන් කළ ජෙට් යානය ඔවුන්ට සපයා ඇත්තේ, LTTE ත්‍රස්ත ජාලය සමග සෘජුවම සබඳතා පවත්වන ලද ඉන්දික බණ්ඩාර නොහොත් ‘හර්බි’ යන පුද්ගලයෙකු විසින් බව තොරතුරු හෙළිවී ඇත.

ඔහු LTTE ත්‍රස්ත ජාලය තුළ ක්‍රියාත්මක වෙමින් ප්‍රභූවරුන් ඝාතනය කිරීමට තැත්කිරීම ගැන අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය සමග ත්‍රස්ත මර්ධන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අයෙක් වන බවත් ඒ පිළිබඳව අධිකරණය හමුවේ වරදකරුවකු වන බවද අධිකරණය හමුවේ අනාවරණ විය.

එම හරක් කටා අවස්ථා දෙකකදී මෙරටට හෙරොයින් කිලෝ ග්‍රෑම් 645ක්, නීති විරෝධී ගිනි අවි 3ක්, ‘AK-47’ වර්ගයේ ගිනි අවි 05ක් හා එම ගිනි අවි උණ්ඩ 1000ක් ලංකාවට එවීමේදී අත්අඩංගුව ගත් බවද නිලධාරීන් අධිකරණයට වාර්තා කරයි.

මෙරට ආරක්ෂක අංශ ජාත්‍යන්තර පොලිසිය මගින් ඉන්දියානු රජයෙන් කරන ලද විමසීමකදී අනාවරණ වී ඇත්තේ අදාළ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන සැකකරුවන් LTTE  සංවිධානය සමග සම්බන්ධතා පවත්වා ඇති බවයි.

නඳුන් චින්තක නොහොත් හරක් කටා හා සළිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු මැඩගස්කරයට පැමිණ ඇත්තේ, ඔහුගේ විදෙස් ජාතික බිරිඳ දාව උපන් දරුවාගේ ආගමික වතාවත් සඳහා බව අධිකරණය හමුවේ අනාවරණ වී ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close