නොවැම්බර් 17 අනුර කුමාර ජනාධිපති ලෙස දිවුරනවා.!

නව ජනාධිපතිවරයෙක් එළඹෙන නොවැම්බර් (17) වනදා පත් වන බවත් නව ජනාධිපතිවරයා ජාතික ජන බලවේග පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක බවට රටේ ජනතාව විශ්වාස කරන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී අචාර්ය හරිනි අමරසුරිය සදහන් කළාය.

රටේ බහුතර ජනතාවක් ජාතින ජන බලවේගය සමග එක්රැස් වි සිටින බවත් එම ජනතාවගේ නොමග යැවිම සදහා මේ වන විට රජය පාර්ශවයෙන් සහ විපක්ෂයෙන් විවිධ මත පල කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රීනී අචාර්ය හරිනි අමරසුරිය සදහන් කළාය.

මේ වනවිට ජාතික ජන බලවේගය කරා එක්රැස් වි සිටින රටේ ජනතාව රජයෙන් සහ විපක්ෂයෙන් සිදු කරන අවලාද පිලිනොගන්නා බවත් දිනෙන් දින ජාතික ජන බලවේගයට රටේ බහුතරය එකතුවන බවද අචාර්ය හරිනි අමරසුරිය සදහන් කළාය.

නාවලපිටිය මාවතුර නගරයේ ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් සමග පැවති හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රීනී අචාර්ය හරිනි අමරසුරිය මේ බව සදහන් කළාය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close