දේශපාලන පළිගැනීමක් මත අගමැතිනියට නඩු වැටෙයි.!

රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා විසිනන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.

රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් සුජීව අමරසේන මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙම පෙත්සම ගෙනු කර ඇති අතර මෙම පෙත්සමෙන් පෙන්වා දෙන්නේ තමන් සේවයෙන් ඉවත් කිරීම දේශපාලන අවශ්‍යතාවයක් මත සිදුවූවක් බවයි.

ඔහු එම පෙත්සමෙන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ, උපකුලපති දුරයට නිසි බලධරයකු පත් කිරීමේදී ක‍්‍රියාපටිපාටියද උල්ලංඝනය කර ඇති බවත් මෙම සේවයෙන් ඉවත්කිරීම දේශපාලන පළිගැනීමක් බවත් ය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ, අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් අගමැතිනි හරිනි අමරසූරිය, උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේදනය වේ.

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.