මෙරට අත්අඩංගුවට ගැනීම් හරහා සිදුව ඇති අහස පොලොව නුහුලනා අපරාධ ගැන දැවැන්ත අනාවරණයක්.!

ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය “දෙමළ ජනයාට එරෙහි අතුරුදහන් කිරීම්, වද හිංසා හා ලිංගික ප්‍රචණ්ඩත්වය, 2015-2022” නව වාර්තාව නිකුත් කරමින් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට එරෙහිව ආරක්ෂක හමුදාව විසින් සිදු කරනු ලබන ද හිංසා සහ ලිංගික ප්‍රචණ්ඩත්වයේ අඩුවක් සිදුව නොමැති බවයි.

අදාළ වාර්තාවේ දැක්වෙන්නේ පසුගිය වසර හයක කාලයක් තුළ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් විසින් 139 වතාවක් අනීතික ලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සඳහා වයස 20ත් 39ත් අතර පසු වන පිරිමි පුද්ගලයින් 109 දෙනෙකු සහ ස්ත්‍රීන් 14 ඇතුළත් වන බවත් මෙරට සිවිල් යුද්ධය අවසන් වී 15 වසරකින් පසුව ද ආරක්ෂක හමුදා විසින් දෙමළ තරුණ – තරුණියන් පැහැරගෙන යාමත්, අතුරුදහන් කිරීමත්, ඔවුන් බරපතල කායික හා ලිංගික වදහිංසාවන්ට පාත්‍ර කිරීමත් අඛණ්ඩව සිදුකරගෙන යන බව එහි සඳහන්.

දෙමළ ජාතිකයන් 123 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගනිමින් සකසා ඇති මෙම වාර්තාව පෙන්වා දෙන්නේ වසර එක හමාරක් තරම් දීර්ඝ කාලයක් දක්වා මෙකී සමහර රඳවාගැනීම් සිදු කර ඇති බවයි.

මෙම වාර්තාවේ දැක්වෙන පරිදි 2022 වසරේ රඳවාගැනීම්වලින් අඩක්ම (එනම් 24න් 11ක්ම) සිදුව ඇත්තේ 2022 ජූලි මස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව බවයි.

එම රඳවාගැනීම් 139න් 65කදීම, ඥාතීන් බලා සිටියදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් කටය්තු කර ඇති අතර අනෙකුත් සිදුවීම් බොහොමයකදීම තරුණ දෙමළ ජාතිකයන් තම නිවස බලා හෝ රැකියාවට යද්දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම අත්අඩංගුවට ගත් පුද්ගලයන් රැගෙන ගොස් ඇත්තේ සුදු පැහැති වෑන් රථවලින් වන අතර රඳවාගැනීම් 139න් 130කදීම, රැඳවුම් ස්ථානවල රඳවා සිටි රැඳවියන් වදහිංසාවන්ට භාජනය කර ඇති අතර අඩුම වශයෙන් බරපතල පහරදීම්වලට ලක්කොට ඇත.

සිදුවීම් 85කදී පොලිතීන් බෑගයක් යොදාගෙන හුස්ම සිරකර තිබේ, සිදුවීම් 47කදී දුම්වැටි හෝ වෙනත් ගිනියම් වස්තුවකින් ඔවුන් පුළුස්සා ඇත, සිදුවීම් 46කදී රැඳවියන් බලහත්කාරී ලෙස ජලයේ ගිල්වා ඇති අතර සිදුවීම් 32කදී ඔවුන් ලණු යොදා එල්ලා තිබේ. සිදුවීම් 85කදී, රැඳවියන් බහු වැදෑරුම් වදහිංසාවන්ට පාත්‍ර කර ඇති අතර එක් රැඳවුම්කාරියක් හැර රඳවාගැනීම් 91කදී ලිංගික වදහිංසා යොදාගෙන ඇත.

ඉන් 82කදී, ලිංගේන්ද්‍රිය මිරිකීම; බලහත්කාරී මුඛ මෛථුන්‍යය; ශිෂ්ණය යොදාගත් දූෂණය; යෂ්ටියකින් කරන ගුද මාර්ග දූෂණය; සහ බලහත්කාරයෙන් ස්වයං මෛථුන්‍යයේ යෙදවීම යන පස් වැදෑරුම් ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියාවලින්ගෙන් අවම වශයෙන් එකක් භාවිතා කර ඇත,

රඳවාගැනීම් 51කදී දූෂණය භාවිතා කර ඇති අතර ඉන් 11කදී යෂ්ටි යොදා‍ගෙන තිබෙනවා. එයින් 40ක් පිරිමි රැඳවියන් වන අතර 11 දෙනකු ස්ත්‍රී රැඳවියන් වේ.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement